UPDATE : නියෝමාල් රංගජීව, අයි.කේ මහානාම සහ දැව සභාපතිට ඇප

64

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මාස 06කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කළා.
ඒ ඔහු ගොනු කළ ඇප අයදුම්පතක් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ සලකා බැලීමෙන් අනතුරුවයි.
ඒ අනුව පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඔහුට විදෙස් ගමන් ද තහනම් කරනු ලැබුවා.
මේ අතර, රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි අයි.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු  සභාපති පී.දිසානායක යන මහත්වරුන් ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ ඔවුන් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට අද ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දියානු සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් අත්තිකාරමක් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කොළඹ පිහිටි හෝටලයක රථගාල තුලදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 03 වනදා පස්වරුවේයි.

 


නියෝමාල් රංගජීවට ඇප [ Sep 25, 2018 @ 12:39 ]

වැලිකඩ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇපමත මුදා හැර තිබෙනවා.
ඒ ඔහු අද අභියාචනාධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

 

Your Comments