නියෝජ්‍ය ඇමති නලීන්ගෙන් නාමල්ට අභියෝගයක්

20

හම්බන්තොට වරාය ඔස්සේ මෙරට ආර්ථීක සංවර්ධනය සදහා සැලසුම් කර තිබු උපාය මාර්ග කුමක්දැයි පැහැදිලි කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා නිදහස් සන්ධාන මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අභියෝග කරනවා.
සිරිකොත පක්ෂ මුලස්ථානයේ පෙරවරුවේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මිරිජ්ජවිල ඉදිකෙරෙන සිමෙන්ති කර්මාන්ත ශාලාව හේතුවෙන් ප්‍රදේශයේ පාරිසරික ගැටලු ඇතිවිය හැකි බවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට ද නලීන් බණ්ඩාර මහතා මෙලෙස පිලිතුරු ලබාදුන්නා.

Your Comments