නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද

15

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුම අද පෙරවරුවේ අත්සන් තැබීමට නියමිතව තිබෙනවා
ගිවිසුම අත්සන් කිරීම පෙරවරු 10ට කොළඹ පදනම් ආයතනයේදී සිදු කරනු ඇති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ හා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අවබෝධතා ගිවිසුම් දෙකකට ද එහිදී අත්සන් තැබීමට නියමිතයි.
අදාළ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් පල කලා.

 

Your Comments