“නිකාබ් – බුර්කා නීතිය දැන් බලාත්මක නැහැ” – පොලිස් මූලස්ථානය පවසයි

15

නිකාබි – බුර්කා ඇතුළු මුහුණු ආවරණ පැළදීමේ තහනම ඉවත් කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ පිළිබඳ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා ඇත්තේ හදිසි නීති රෙගුලාසි දැනට බලාත්මක නොවන බවයි.

මුළුමනින්ම මුහුණු ආවරණය කෙරෙන ඇඳුම් හෝ රෙදිපිළි මෙන්ම වෙනත් යම් ද්‍රව්‍යයක් තහනම් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අප්‍රේල් 29 වනදා නිකුත් කෙරුණා.

සම්පූර්ණ මුහුණ ආවරණය කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න සහ එවැනි ඇදුම් හැඳ ඇතුළු විය නොහැකි පොදු ස්ථාන පිළිබඳව ද එම ගැසට් පත්‍රයේ දක්වා තිබුණා.

එමෙන්ම ත්‍රස්තවාදය යන්නෙහි නිර්වචනය ද අදාළ ගැසට් නිවේදනය මගින් පැහැදිලි කර ඇති අතර, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඬලීම සඳහා හදිසි නීති රෙගුලාසි යටතේ ප්‍රකාශිත නව රෙගුලාසි ද ඊට ඇතුළත්.

එමගින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ අන්තවාදී සහ ආගම්වාදී මතවාද ප්‍රචාරය කිරීම, ප්‍රවර්ධනය හෝ ප්‍රසාදය පළ කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකෙන බවයි.

Your Comments