නාවික හමුදාපති අද්මිරාල් ධුරයට උසස් කෙරේ

3

23 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද්මිරාල් ධුරයට උසස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.
නාවික හමුදාපතිවරයාගේ එම උසස්වීම අද දිනයේ සිට බලපැවැත්වෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.
නාවික හමුදාපතිවරයා හෙට සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.

Your Comments