නාලන්දේ අනතුරෙන් දරුවෙකු සහ මවක මරුට – 50කට තුවාල [PHOTOs]

301

දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ නාඋල නාලන්ද සුදර්ශී විද්‍යාලය අසළ දී සිදුවූ රිය අනතුරකින් 12 හැවිරිදි පිරිමි දරුවෙකු සහ වයසක මවක් මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් හා එම බස් රථයක කන්ටේනර් රථයක් ගැටීමෙන්.

දඹුල්ලේ සිට සිරිපා වන්දනාවේ ගිය පිරිසක් රැගත් බස් රථයක්, මහනුවර සිට කදුරුවෙල / මඩකලපුව බලා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටී තිබෙනවා.

සිද්ධියෙන් බස් රථ දෙකෙහි සහ කන්ටේනර් රථයේ රියදුරන් ඇතුළු මගීන් පිරිසක් තුවාල ලබා නාලන්ද, දඹුල්ල සහ මාතලේ රෝහල්වලට ඇතුළත් කළ බවයි පොලිසිය පවසන්නේ.

ඉන් හත්දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන්.

අදාළ අනතුරින් මිය ගොස් ඇත්තේ 12 හැවිරදි කුඩා දරුවෙකි.

දඹුල්ල, විහාර හන්දිය ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනා චාරිකාවක් සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හා මහනුවර සිට මඩකලපුව බලා යමින් තිබු බස් රථයකුයි අද පෙරවරු 7 ට පමණ ගැටී තිබුණේ.

අනතුරත් සමග දඹුල්ල ප්‍රදේශයේ සිට පැමිණි බස් රථයේ කන්ටේනර් රථයක් ද ගැටී තිබුණා.

(කාංචන අරියදාස / ඉන්දික අරුණ කුමාර /මහින්ද රත්නායක)

Your Comments