නායයාමේ අවධානමකින් හල්දුම්මුල්ලේ පවුල් 43ක් ඉවත් කරයි – හෙට සිට වැසි තවත් ඉහළට

35

හල්දුම්මුල්ල, බෙරගල ග්‍රාම නිලධාරී වසමේ බත්ගොඩ ප්‍රදේශයේ පවුල් 43 කට අයත් පුද්ගයන් 150ක් තාවකාලිව ඉවත්කර තිබෙනවා.
ඒ, අධික වැසි සහිත තත්ත්වයත් සමග ඇති වූ ගල් පෙරලීමේ අවධානමක් හේතුවෙන්.
එම පිරිස මේ වන විට බෙරගල, චූලානන්ද දෙමල විද්‍යාලයේ රඳවා සිටිනවා.
ජාතික ගොඬනැගිලි පර්යේෂන සංවිධානය විසින් මීට පෙර එම ස්ථානය පරීක්ෂාකර දැඩි අවධානම් කළාපයක් ලෙස නම්කර  ඇති බව ද සඳහන්.
එම ආයතනයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින හල්දුම්මුල්ල බෙරගල ප්‍රදේශය පරීක්ෂා කිරීම ද නියමිතයි.
මේ අතර, ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
වයඹ, මධ්‍යම,උතුරු-මැද, ඌව සහ සබරගමුව පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද සඳහන්.

 

 

Your Comments