නාඋල එජාප ප්‍රබලයෝ 20ක් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණට එක්වෙයි
ඉන්දික අරැණ කුමාර - නාඋල

35

නාඋල එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ 20 දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලග්ගල ආසනේ අපේක්ෂක තිලක් බණ්ඩාර මහතා ඉදිරියේ ඔවුහු අද (21) දහවල් සාමාජිකත්වය ලබාගත් බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.
එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිති නියෝජිතයින් මෙන්ම පැරණි එජාප සාමාජිකයින් පිරිසක් තිලක් බණ්ඩාර මහතාගේ නාඋල නිවසට පැමිණ බුලත් හුරුළු ලබාදෙමින් කියා සිටියේ ඉදිරියේ දී දහසකට අධික එජාප පාක්ෂිකයින් පිරිසක් තිලක් බණ්ඩාර මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වන බවයි.
පැවැති යහපාලන ආණ්ඩුව සමයේ තමන් බරපතල අසාධාරණයන්ට ලක්කළ බවත්, රට විවිධ පුද්ගලයින්ට භාරදීමට එජාපය කටයුතු කළ බවත් ඔවුන් කියා සිටියා.
මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ මෙනවර මහ මැතිවරණ අපේක්ෂක තිලක් බණ්ඩාර මහතා කියා සිටියේ වසර 40 ට පසු ලග්ගල ආසනය සඳහා ලග්ගල උපන් පුද්ගලයෙකුට මැතිවරණයට තරග කිරිමට අවස්ථාව හිමි වී ඇති බවයි.
තමන් නොව ලග්ගල දිනවීම සඳහා ඉදිරියේදීත් තමන් වටා එක්වන පිරිස් සාදරයෙන් පිළිගන්නා බව ද හෙතෙම එජාප පාක්ෂිකයින් හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

Your Comments