“නව ව්‍යවස්ථාවක් අනවශ්‍යයි”

42

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් පමණක් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම ප්‍රමාණවත් බවයි.

උන්වහන්සේ බැහැදැකීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා වෙත අදහස් දක්වමින් අස්ගිරි අනුනාහිමියන් වැඩිදුරටත් කියා සිටියේ පළාත් සභා හෝ මහමැතිවරණයකට යොමුවීම මෙම අවස්ථාවේ වඩාත් සුදුසු බවයි.

Your Comments