නව ආසාදිතයකු හඳුනා ගැනීමත් සමග ආසාදිතයින් සංඛ්‍යාව 2881ක් දක්වා ඉහළට

13

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2881 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය පවසනවා.
එම අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියේ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගෙන් මේ වන විට 2638 දෙනෙක් සුවය ලබා ඇති බවයි.
එසේම ආසාදිතයින් 232 දෙදෙනෙක් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අද(13) උදෑසන 06න් අවසන් වූ පැය විසි හතරක කාලයේදී මෙරටින් එක් කොරෝනා ආසාදිතයකු පමණක් වාර්තා වී තිබෙනවා.
එලෙස ඊයේ(12) දින හඳුනා ගැනුණු ආසාදිතයා ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත පුද්ගලයන් 49 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව තවදුරටත් 11ක්ව පවතිනවා.

Your Comments