නවසීලන්තයේ දේවස්ථාන දෙකක වෙඩි තැබීමක් – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පැනගොස් බේරෙයි

21

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීම් සිදුව තිබෙනවා.
සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු එහි දේවස්ථානවලට ඇතුළු වී වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදි අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනෙකු මිය යන්නට ඇති බව සඳහන්
ක්‍රයිස්චර්ච් රෝහල අසළ ද වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඒ පිළිබද වැඩිදුර තොරතුරු මෙතෙක් ලැබී නැහැ.
නවසීලන්ත පොලීසිය ක්‍රයිස්චර්ච් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය නිවෙස්වලම රැදී සිටින ලෙසයි.
මෙම වෙඩි තැබීම් සිද්ධින් වාර්තා වූ එක් දේවස්ථානයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් අසළ වූ උද්‍යානයක් ඔස්සේ එම ස්ථානයෙන් කඩිනමින් ඉවත්ව යාමට සමත් වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
තුවක්කුකරු වෙඩි තැබීමේ සිද්ධිය ෆේස්බූක් හි LIVE Video මගින් ප්‍රචාරය කර තිබෙනවා.
කෙසේ වෙතත් නවසීලන්ත පොලිසිය සමාජ ජාලා පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ එම වීඩියෝව share නොකරන ලෙසයි.

Your Comments