ධිවර යාත්‍රා 30ක් ඉන්දුනීසියාව දෙසට ගසාගෙන යයි

16

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ යාත්‍රාවල ධීවරයින් 180 දෙනෙකු රැදී සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවට තොරතුරු ලැබී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අදාළ ධීවරයින් සම්බන්ධයෙන් ඉන්දුනීසියානු හා නිකොබාර් දූපත් බලධාරීන් මෙන්ම ඉන්දීය බලධාරීන් ද දැනුවත් කිරීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

Your Comments