ධනුෂ්ක ගුණතිලකට තරග 6ක ජාත්‍යන්තර තරග තහනමක්

50

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට තරග 6ක ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ, ඔහු ක්‍රීඩක විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.
ලබා දුන් තරග තහනමෙන් තරග 3ක්, අදාළ සිදු වීමට වරදකරු වීම නිසා පනවා ඇති බව සදහන්.
ඊට අමතරව ඔහු මේ වන විටත් වසරක අත්හිටවූ තරග තහනමකට මුහුණ දී සිටීම හේතුවෙන් තවත් තරග 3ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනය සදහන් කළේ.
ඊට අමතරව ඔහුට දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග ගාස්තුව ද ලබා නොදීමට පියවර ගෙන තිබෙනවා.

Your Comments