දේශපාලන පලිගැනීම් පිළිබද කොමිසමට මහින්ද දේශප්‍රියගෙන් ලිපියක්

29

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන පුද්ගලයින් ඉන් පිටතට පැමිණ සිදුකරන ප්‍රකාශ හේතුවෙන් ඇතැම් අපේක්ෂකයින්ට අගතියක් සිදුවන බව පවසමින්.
මෙහිදි මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී ඇත්තේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති බැවින් මැතිවරණ නීතියට අනුව අදාළ ප්‍රකාශ හේතුවෙන් ඇතැම් අපේක්ෂකයින්ට අගතියක් සිදුව ඇති බවයි.
එම නිසා එය වැළැක්වීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට හැකියාව පවතින්නේ ද, යන්න පිළිබඳ සොයා බලන ලෙසයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත්තේ.
එලෙස හැකියාවක් පවතින්නේ නම් වහාම අදාළ ක්‍රියාපටිපාටිය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසට ආදාල ලිපියේ දැක්වෙනවා.
මේ අතර මෙවර මහ මැතිවරණයට අදාලව වාර්තා වන පැමිණිලි සංඛ්‍යාව 2926 ක් දක්වා ඉහල ගොස් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
ජූලි 11 වනදා පස්වරු 4 සිට ජූලි 12 වනදා පස්වරු 4 තෙක් වාර්තාවන පැමිණිලි සංඛ්‍යාව 145 ක්.
අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ද මැතිවරණ කොමිසම ප්‍රකාශ කලා.

Your Comments