දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ගින්නක්
ඒ.පි.දයාචන්ද්‍ර - ඌරුබොක්ක

12

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛානාගාරයේ අද(13) අලුයම පහට පමණ ගින්නක් හටගෙන තිබෙනවා.

දෙයියන්දර පොලිසියේ නිළධාරින් විසින් ගින්න පැතිරීම වළක්වා ගින්න නිවා දමා තිබෙනවා.

පොලිසිය පැවසුවේ ගින්නෙන් ලේඛනාගාරයේ තිබූ ලිපිලේඛන රැසකට හානි සිදුව ඇති බවයි.

ලේඛණාගාරයේ ඇති වූ ගින්නෙන් නඩුවලට සම්බන්ධ ලිපි ගොනු ඇතුළු ලිපි ලේඛන ගින්නට හසුව විනාශ වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට කිසියම් පුද්ගලයකු ගිණි තැබුවාද නැතිනම් වෙනත් ආකාරයකින් ගින්නහට ගත්තාද යන්න මෙතෙක් අණාවරනය වී නොමැති අතර දෙයියන්දර පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු  ලබනවා. .

Your Comments