දෙදිනක් තුළ බීඩි කොළ කිලෝ 2200කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

5

ආපදාවට පත් ඩිංගි යාත්‍රාවක තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් 120 ක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා.

මුර සංචාරයක් සඳහා යොදවා තිබූ නාවික යාත්‍රාවක් තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු සීමාවේදී මෙම ඩිංගි යාත්‍රාව සොයාගෙන ඇති බව සඳහන්.

එහි ධීවරයින් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, ඉන් එක් අයෙකු දිවි බේරාගෙන තිබෙනවා.

අනෙක් ධීවරයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මේ අතර මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයේ පසුගිය දින දෙක තුළ නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී බීඩි කොළ කිලෝග්‍රෑම් 2,264 ක් සොයාගෙන තිබෙනවා.

මන්නාරම – නාඩුකුඩා, වංකාලෙයි, ඕල්ඞ් පියර් වෙරළ තීරයන් ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මෙලෙස ගොඩගැසූ පාර්සල් 27 ක අසුරා තිබූ බීඩි කොළ තොගය සොයාගනු ලැබූ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

Your Comments