දුමින්ද සිල්වාගේ මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණය තවහවුරු කරයි

40

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන්ට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළා.
ඒ, මහාධිකරණයෙන් නියම කළ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා   දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ  අභියාචන පෙත්සම් සම්බන්ධ තීන්දුව අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරමින්.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, නලින් පෙරේරා , ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඒ අනුව මරණ දඩුවම තහවුරු කළ අතර එම නඩුවේ පළමු  විත්තිකරු වන පොලිස් කොස්තාපල්වරයෙකු වූ අනුර තුෂාර ද මෙල් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.
අධිකරණය    එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ විත්තිකාර පාර්ශ්වය සහ පැමිණිලි පාර්ශ්වය   දින හයක් පුරා පැවැත්වූ දීර්ඝ දේශනවලින් පසුවයි.

 

Your Comments