දුම්රිය නියාමකයරුන් අද මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක

19

අද මධ්‍යම රාත්‍රීයේ සිට අඛන්ඩව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය නියාමකයන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
සංගමයේ ප්‍රධාන ලේකම් පී එම් පී පීරිස් මහතා සදහන් කලේ දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය භාරව ක්‍රියා කරන නිලධාරියාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කරන බවයි.

මෙම වර්ජනයට සහය දක්වන්නේ ද යන්න පිලිබද නිව්ස් 24 දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයෙන් විමසීමක් කළා.
එහි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සදහන් කලේ අද පස්වරුවේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් පසු ඒ පිළිබද තම සංගමයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවයි.

Your Comments