දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරෙයි

18

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනයට ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තැබූ බව සඳහන්.

මේ අතර, කොළඹ කොටුවෙන් ධාවනය කෙරෙන දුම්රිය සඳහා පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, මේ වන විට පවතින දුම්රිය වර්ජනය හේතුවෙන්.

දුම්රියවල ආරක්ෂාවට අමතරව කොටුව දුම්රිය ස්ථානයේ සහ දුම්රිය මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද පොලිස් නිළධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

Your Comments