දිවයින පුරා වෙළෙඳ සැල් හදිසි පරීක්ෂාවට ලක්කිරීමේ වැඩසටහනක්

22

දිවයින පුරා වෙළඳසැල් හදිසි පරීක්ෂාවට ලක් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ, එළඹෙන උත්සව සමයට සමගාමීවයි.
ඒ අනුව පාරිභෝජනයට අහිතකර ආකාරයෙන් ආහාර අලෙවි කරන වෙලදුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔවුන් ප්‍රකාශ කළා.
මේ අතර, ආපනශාලා වසරක් පාසා ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම අප්‍රේල් 2 වනදා සිට බිස්කට් ඇතුලු රස කැවිලිවල අඩංගු සීනි, ලුණු සහ මේද සංඝටකවල ප්‍රමාණයන් පැහැදිළිව පාරිභෝගිකයාට නිරීක්ෂණය කිරීමට හැකිවන පරිදි වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දීමට ද කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

Your Comments