දිමුත් කියූ වෙනස වෙයි – කෝලි ඉල්ලා පරාද වෙයි

569

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 44 වන තරගය යටතේ ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගත්තා.

ඉන්දීය නායකයා කාසියේ වාසිය ඉල්ලා සිටියත් එය පරාජයට පත්වුණා.

ඒ අනුව දිමුත් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

මෙය ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගයයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ලීඩ්ස්හී දී ආරම්භ කෙරෙනු ඇති.

අද තරගයේ දී කණ්ඩායමේ යම් වෙනස්කමක් සිදුවිය හැකි බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ.

මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු ලසිත් මාලිංග සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

 

 


Jeffrey Vandersay වෙනුවට 
Thisara Perera කැඳවා තිබෙනවා.

India: 1 Rohit Sharma, 2 KL Rahul, 3 Virat Kohli (capt), 4 Rishabh Pant, 5 MS Dhoni (wk), 6 Dinesh Karthik, 7 Hardik Pandya, 8 Ravindra Jadeja, 9 Bhuvneshwar Kumar, 10 Kuldeep Yadav, 11 Jasprit Bumrah

Sri Lanka: 1 Dimuth Karunaratne (capt), 2 Kusal Perera (wk), 3 Avishka Fernando, 4 Kusal Mendis, 5 Angelo Mathews, 6 Lahiru Thirimanne, 7 Dhananjaya de Silva, 8 Isuru Udana, 9 Lasith Malinga, 10 Kasun Rajitha, 11 Thisara Perera

තරගයේ සජීවී විස්තර විචාරයට සිත එෆ් එම් ඔස්සේ සවන් දිය හැකියි.

මේ අතර, තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ද අද පැවැත්වෙනවා.

ඒ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතරයි.

එම තරගය පස්වරු 6ට මැන්චෙස්ටර් හී දී ආරම්භ කෙරෙනු ඇති.

Your Comments