දිමුත්ගෙන් සටන්කාමී ශතකයක්

18

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද නිමා වුණා.
දිනය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 4ක් ලබා සිටියා.
ඉනිමේ තුන්වන පන්දුවාරයේ දී ආරම්භක පිතිකරු ඒයිඞ්න් මාක්‍රම් ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට රංගන හේරත් සමත් වුණා.
ගාලු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 287ක් ලබා ගත්තා.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 158ක්.
ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 13ක් ඇතුළත්.
ඉනිමේ ඉහළම ලකුණු සබදතාවය සටහන් වුණේ දිමුත් කරුණාරත්න සහ ලක්ෂාන් සදකැන් අතරයි.
ලකුණු 63ක් ලෙස එය සටහන් වූ අතර එහිදී ලක්ෂාන් සදකැන් ලකුණු 25ක් ලබා ගත්තා.
එම සබදතාවයට පෙර ඉනිමේ ඉහළම ලකුණු සබදතාවය සුරංග ලක්මාල් සහ දිමුත් කරුණාරත්න අතර ගොඩ නැගී තිබුණා.
පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු 4ක් බිද හෙලු අතර ටී. ශම්සි බිද හෙලූ කඩුලු ගණන 3ක්.

Your Comments