දින 81කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පුහුණුවීම් අරඹයි

23

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 13 දෙනෙකු අද යළි සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කළා.
පුහුණු කටයුතු ආරම්භයට පෙර සෞඛ්‍ය බළධාරීන් විසින් ක්‍රීඩකයින්ට සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන උපදෙස් මාලාවක් ද ලබා දුන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
පන්දු යවන්නන් මූලික කර ගනිමින් මෙම පුහුණු කටයුතු ආරම්භ කෙරෙන අතර, ඔවුන් දින 12ක නේවාසික පුහුණු කදවුරකට එක් වීමට නියමිතයි.
කොළඹ ක්‍රිකට් සමාජයේ දී මෙම පුහුණුවීම් කටයුතු සිදු කෙරෙන අතර, සම්පූර්ණ කාලය අවසන් වන තුරු ඔවුන් හෝටලයක නවාතැන් ගනු ඇති.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙලෙස පුහුණු වීම් ආරම්භ කළේ දින 81කට පසුව වීම විශේෂත්වයක්.

Your Comments