දැවැන්තයෙකු යට කළ මීනගයා

14

පොලොන්නරුව සහ මඩකළපුව අතර දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තවදුරටත් ඇණහිට තිබෙනවා.

ඒ, වැලිකන්ද හා පුනානි අතර ප්‍රදේශයේදී දුම්රියක් වන අලියෙකුගේ ගැටී පීලි පැනීමට ලක්වීම හේතුවෙන්.

මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා දුම්රිය එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

මේ හේතුවෙන් මඩකළපුව බලා ධාවනය වන දුම්රිය පොළොන්නරුවට සීමා කර ඇති බව සඳහන්.

මේ අතර, කොල්ලුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ දෝෂයක් හේතුවෙන් ද මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

Your Comments