දැරියන් 5ක් සහ ගුරුවරියක් රෝහලට යැවූ සමනළයෙක්

112

ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ ඇතිමලේ දහම් පාසලේ දරුවන් පස් දෙනෙකු සහ ගුරුවරියක් රෝහල් ගතකර තිබෙනවා.

මෙම පිරිස ඊයේ (12) ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සමනළයෙක් ඇගේ ස්පර්ශ වීමෙන් අසාත්මිකතාවක් හටගත් බවයි එම පිරිස පවසා ඇත්තේ.

සමනළයා පළමුව දැරියකගේ මුහුණේ ස්පර්ශ වී ඇති අතර පසුව එම දැරිය අසල සිටි දැරියන්ටද ‘කසානා තත්ත්වයක්’ බෝවී තිබෙනවා.

රෝහල් ගත කර ඇත්තේ හය ශ්‍රේණියේ දැරියක්, දහය ශ්‍රේණියේ දැරියන් සිවුදෙනකු සහ දහම් පාසල් ගුරුවරරියක්.

ඔවුන් ඇතිමලේ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර මෙම තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
(වැල්ලවාය – ජයන්ත වීරසේකර)

Your Comments