දරුවන්ගේ හෘද රෝග සැත්කම් කිරීමට අවශ්‍ය යන්ත්‍ර 17ක් ගෙන්වීමට සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්

19


දරුවන්ගේ හෘද රෝග සැත්කම් කිරීමට අවශ්‍ය යන්ත්‍ර 17 ක් ආනයනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒවා ආනයනයෙන් පසු රිඡ්වේ ආර්යා ළමා රෝහල ඇතුලු ළමා රෝග ඒකක පවතින රෝහල් 17 ක සැත්කම් සිදුකිරීමට නියමිතයි.
මේ වන විට හෘද සැත්කම් සිදු කර ගැනීම සදහා දරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවයි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.
එබැවින් කඩමින් අදාළ යන්ත්‍ර ආනයනය කර එම සත්කම් ප්‍රමාදයකින් තොරව සිදුකරන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.
එමෙන්ම හෘද රෝගවලට ගොදුරු වූ දරුවන්ගේ පෙණහලු අක්‍රීයවීම පාලනයට අවශ්‍ය නයිටි්‍රක් ඔක්සයිඞ් සිලින්ඩරද කඩිනමින් දිවයිනට ආනයනය කිරීමට නියමිතයි.
මේ අතර මෙරට ප්‍රාථමික සෞඛ්‍ය නංවාලීම සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් මිලියන 60 ක මුදලක් හිමිව තිබෙනවා.
මෙම මුදල් යොදවා මධ්‍යම, උතුරුමැද, සබරගමුව සහ ඌව පළාත්වල සෞඛ්‍ය ආයතනවල කර්යක්ෂමතාව වර්ධනය කිරීමට අදාළ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම්කර ඇත්තේ.

Your Comments