දමිල ජනයාට ගෝඨාභය ගැන සැකයක් – ශිවශක්ති ආනන්දන් කියයි

22

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් වූවහොත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට කිසිදු විසදුමක් නොලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පවසනවා.
ඒ අනුව ඔහුට දෙමළ ජනතාවගේ සහය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි මන්ත්‍රිවරයා පැවසුවේ.
වවුනියාවේදී මාධ්‍යවේදින්ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ කවර සහෝදරයෙකු පැමිණියත් ඔවුන් සියලුම දෙනා සිංහල බෞද්ධ ජාතිවාදී පසුබිමක් මත කටයුතු කරන බවයි.
මේ අතර සිංහල බෞද්ධ ජාතිවාදීයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීම මත ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානය යලිත් ත්‍රස්තවාදීන් ලෙස නම් කරනු ඇති බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසනවා.
කෙසේ වෙතත් දකුණේ ජනතාවගෙන් විශාල පිරිසක් එම චෝදනාව විස්වාස නොකරන බවයි ඔහු කියා සිටියේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතික සමගිය ඇති කිරීම සඳහා විශාල කාර්යභාර්යයක් ඉටුකිරීමට හැකියාව ඇති බවට තමන් විශ්වාස කරන්නේ යැයි නව සමසමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා.
හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
13_08_1200_ඔ්‍යෂී්

Your Comments