දන්සැල් ලියාපදිංචිය පහළට

14

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් තවමත් ලියාපදිංචි වී ඇත්තේ දන්සැල් 92 ක් පමණක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා
පසුගිය වසරේ දිවයින පුරා දන්සැල් ස්ථාන 6,000 ක් පමණ ලියාපදිංචි කළ නමුත් රටේ පවතින තත්ත්වය මත මෙවර එම සංඛ්‍යාවේ විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවයි එහි ලේකම් මහේන්ද්‍ර ඔබේසේකර මහතා කියා සිටියේ.
මේ අතර වෙසක් පොහෝ දිනයට පසුව යෙදෙන 20 වන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම වෙසක් උත්සවය නිමිත්තෙන් ලබන 17 වනදා සිට දින 4 ක කාලයක් දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබෙනු ඇති.

Your Comments