දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

18

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 35 වන තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

චෙස්ටර් ලී ස්ටී්‍රට් හී දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 203ක් පමණයි.

කුසල් ජනිත් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 30 බැගින් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ඉනිම නිමා වීමට පන්දු 76ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී ලකුණු 96යි.

Your Comments