තේරීම්කාරක සභාවට යන්න හලීම් අවසර ඉල්ලයි

9

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කරුණු දැක්වීමට තමන්ට ද අවස්ථාව ලබාදෙන ලෙස හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතා ඉල්ලීමක් කර තිබෙනවා.
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පසුගිය දා තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතාට සහ ඔහුගේ සහෝදරයෙකුට චෝදනා එල්ල කළා.
ඊට පිළිතුරු ලබා දීම සඳහා තමන්ට අවසථාවක් ලබා දෙන ලෙසයි හෙතෙම ඉල්ලීමක් කළේ.

Your Comments