තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන්ගේ මරණ සම්බන්ධයෙන් වගකීම රජය භාර ගන්නවා

19

හබරණ – හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ මිය ගොස් සිටි ඇතින්නියන්ගේ මරණ සම්බන්ධයෙන් රජය වගකිම භාර ගන්නා බව වනජීවි රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසනවා.
එම ප්‍රදේශයේ සිදුකළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

මේ අතර, තවත් මියගිය ඇතින්නියන් එම රක්ෂිතයේ සිටින්නේ ද යන්න සහ මියයෑමට හේතු වූ කරුණු සොයා අද දිනයේත් රක්ෂිතය තුළ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
ඒ සඳහා වනජීවි නිලධාරීන්, යුද හමුදාව සහ ප්‍රදේශයේ ජනතාව එක්ව ඇති බව සඳහන්.

Your Comments