තුන්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් මියයාම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක් අද

9

හබරණ හිරිවඩුන්න තුන්බිකුලම රක්ෂිතයේ වන ඇතින්නියන් සත් දෙනෙකු අස්වාභාවික ලෙස මියයාම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද විශේෂ සාකච්ඡාවක් අද(01) පස්වරුවේ පැවැත්වෙන බව වනජීවි රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

හබරණ ඇතින්නියන් මිය යාම සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර පැතිර යාම හා එහි පරීක්ෂණ පිළිබද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

එමෙන්ම අලි – මිනිස් ගැටුම සීමා කිරීම සදහා විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම කෙරෙහිද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

මේ සම්බන්ධයෙන් වන ජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට කිසිදු නිළධාරියෙකු රජය දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතයි.

Your Comments