තීන්දුව හරි අතට – නිදහස් පක්ෂ 68 වන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

26

තීන්දුව හරි අතට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ 68 වන සමුළුව අද පැවැත්වෙනවා.

ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී.

මෙවර එහි තේමාව ලෙස නම් කර ඇත්තේ ‘සුනිල ජන වාදය’ ලෙසින්.

එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙල අද දිනයේ එළි දක්වන බවයි එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා පැවසුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ද 68 වන සංවත්සරය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

Your Comments