ති‍්‍රපිටකය ලෝක උරුම යෝජනාව ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික පුණ්‍ය මහෝත්සවය – සජීව විකාශය

14

ථේරවාද ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙසට ථේරවාද බෞද්ධ රටවල සාමුහිකත්වයෙන් ශ‍්‍රී ලංකාව, යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම නිමිති කරගනිමින් ජාතික පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ශ‍්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී….

මෙම ඓතිහාසික කටයුත්ත වෙනුවෙන් පසුගිය මාර්තු 16 වන දා සිට 23 වන දා දක්වා සතිය ‘ති‍්‍රපිටකාභිවන්දනා’ සතිය ලෙස ප‍්‍රකාශයට පත් කෙරුණා.

එය මුල්කර ගනිමින් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් ද සංවිධාන කළා.

අද පැවැත්වෙන ජාතික මහෝත්සවයට ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙන් ම, ථේරවාද බෞද්ධ රටවල සංඝරාජ හිමිවරුන් ද, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත හානා සිංගර් සහ විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් පිරිසක් එක්වීමට නියමිතයි.

මේ අතර, මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ වාරියපොල ප්‍රදේශයේ පැවැති උත්සවයක දී ද අදහස් පළ කළා.

මේ, වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා.

Your Comments