තිරිඟු පිටි මිළ යළි පහත දැමීම ගැන ප්‍රීමා සමාගමෙන් පැහැදිලි කිරීමක්

49

ඉහළ දැමුණු තිරිඟු පිටි මිළ යළි පහත දැමීමට ගත් තිරණය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ප්‍රිමා සමාගම විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නව ජනාධිපතිවරයා මෙරට ආර්ථිකය යළි ශක්තිමත් කිරීමට උත්සාහ ගන්නා මෙම අවස්ථාවේදී ඊට සහාය වීමක් වශයෙන් මෙලෙස මිල පහත දැමීමට කටයුතු කළ බවයි එම සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

නව ආණ්ඩුව සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රීමා සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියා.

තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 8.50 කින් ඉහළ දැමුණේ පසුගිය 15 මධ්‍යම රාත්‍රීයේ දී.

ප්‍රීමා සමාගමේ මිල සංශෝධනයත් සමඟ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 104.50 ක් දක්වා ඉහළ ගියා.

Your Comments