තැපැල් සේවකයින්ගේ ගැටලුවට විසඳුම් සති දෙකක් තුලදී ලබාදිය හැකි බව අමාත්‍යංශ ලේකම් කියයි

9

තැපැල් දෙපාර්තමේන්තු සේවකයින්ගේ ගැටලුවලට විසදුම් සති දෙකක් තුළදී ලබා දීමේ හැකියාව පවතින බව අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.බී මීගස්මුල්ල මහතා පවසනවා.
ඒ අනුව කඩිනමින් සිය වර්ජනය අතහැර සේවයට වාර්තා කරන ලෙසයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර සිය ඉල්ලීම්වලට නිසි විසදුමක් ලබා දීමට බලධාරීන් අසමත්වීම හේතුවෙන් කොළඹ මධ්‍යම තැපල් හුවමාරුව ඉදිරිපිටදී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කිරීමට තැපල් වෘත්තිය සමිති පෙරමුණ පියවර ගත්තා.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ සිය වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයට සෙසු වෘත්තිය සමිතිවල සහය ලබා ගැනීම වෙනුවෙන් වෘත්තිය සමිති නායකයින් සමග අද පස්වරුවේ සාකච්ඡාවක ද නිරත වන බවයි.

Your Comments