තැපැල් ඡන්ද අයදුම්පත් 28 වැනිදාට සවස 4ට පෙර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදෙන්න
මැතිවරණ කොමිසමෙන් සහතික කිරීමේ නිලධාරීන්ට ඉල්ලීමක්

89

තැපැල් ඡන්ද අයදුම්පත් එළැඹෙන 28 වැනිදා පස්වරු හතරට පමණ පෙර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව සහතික කිරීමේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේ ඊයේ(23) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින්.
එසේම එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ තැපැල්පතිවරයා වෙත ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත් එළැඹෙන 27 වැනිදා වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබාදීමට තැපැල්පතිවරයා පියවර ගනු ඇති බවයි.

Your Comments