UPDATE : ත්‍රීරෝද රථ ගාස්තු සියයට 10 කින් ඉහළට

13

ඉහළ දැමුණු ඉන්ධන මිලට  සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
ඒ, ත්‍රිරෝද රථ සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
නව ගාස්තු සංශෝධනයට අනුව පළමු කිලෝමීටරය සඳහා දැනට අය කෙරෙන රුපියල් 60ක ගාස්තුව වෙනස් නොවන අතර, දෙවන කිලෝමීටරය සඳහා අය කෙරෙන රුපියල් 40 ගාස්තුව රුපියල් 50 දක්වා රුපියල් දහයකින් ඉහළ යනු ඇති.
මේ අතර පාසල් වෑන් රථ ගාස්තුව ද සංශෝධනය කිරීමටතීරණය කර ඇති බවයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එල්.එම්.ඒ. හරිස්චන්ද්‍ර මහතා කියා සිටියේ.
ඊයේ සිදුවූ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් මිල වැඩිවීමක් සිදුවූයේ නැහැ. කෙසේ වෙතත් ලංකා අයි. ඕ.සී. සමාගම ඔටෝ ඤූසල් ලීටරයක මිලද රුපියල් 129 ක් දක්වා ඉහල නංවනු ලැබුවා.
බස් සංගම් ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන හල්වලද ඔටෝ ඩීසල් මිල ඉහල නැංවුවහොත් අනිවාර්ය ගාස්තු වැඩිවීමකට යොමුවීමට සිදුවන බවයි.
ඒ සම්බන්ධයෙන් බස් සංගම් අතර සාකච්ඡාවක්ද අද පෙරවරුවේ පැවැත්වුණා


ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ යන ලකුණු [ Oct 11, 2018 @ 13:06 ]

ඉන්ධන මිළ ඉහළ යාම හමුවේ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට ගන්නා බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සුදිල් ජයරුක් මහතා කියා සිටියේ ත්‍රිරෝද රථ සංගම් ප්‍රධානීන් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.
උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි හෙතෙම ප්‍රකාශ කලේ.

Your Comments