ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ පුණ්‍ය මහෝත්සවය – (සජීව)

50
වසර දහස් ගණනක් පුරා රැක ගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් මහා සංඝරත්නයේ උපදෙස් සහ මඟපෙන්වීම මත ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් බෞද්ධයන්ගේ ප්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කෙරුණා. තෙවැනි ධර්ම සංඝායනාවේ දී සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය වශයෙන් පූර්ණත්වයට පත් ථේරවාදි ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට උරුමවිය. මහ රහතන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශත වර්ෂ ගණනාවක් පුරා විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැකගෙන ආ ත්‍රිපිටකය ලෝකයේ පළමුවරට තල්පත්වල ලේඛනාරූඪ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ පළවැනි සියවසේ මාතලේ අලු‍විහාරයේ දී බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. එම ඓතිහාසික අවස්ථාවට පසුව වර්ෂ 1956 දී විශේෂ ව්‍යාපෘතියක් ලෙස ත්‍රිපිටකය පූර්ණ ග්‍රන්ථාවලියක් ලෙස මුද්‍රණය කෙරුණු අතර ඉන් අනතුරුව එළැඹෙන ඓතිහාසික වැදගත්ම අවස්ථාව ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමයි. ත්‍රිපිටකය සම්බන්ධයෙන් එකිනෙක කණ්ඩායම් හා පුද්ගලයන් සිදු කරනු ලබන විකෘති විවරණ හේතුවෙන් බුදු දහම අවභාවිත වීම වැළැක්වීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් මෙම කටයුත්ත සිදු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මහා සංඝරත්නය දෙදහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට සමගාමීව දිවයින පුරා විහාරස්ථානවල දී ආගමික වතාවත් සංවිධානය කර තිබෙනවා. සදා වන්දනීය පූජනීය ත්‍රිපිටක පොත් වහන්සේ ජාතික උරුමයක් බවට පත්කිරීමේ රාජ්‍යය මහෝත්සවය මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ අළු විහාරයේ සිට… සජිව විකාශය…..

Your Comments