ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය CIDය යටතට

40

පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පවතින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ සේවයේ අවශ්‍යතාවය මත වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

Your Comments