තවත් ශ්‍රී ලාංකිකයින් 281 දෙනෙකු චීනයේ සිට දිවයිනට

22

චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් 281 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
ඊයේ පස්වරු හතරේ සිට අද පෙරවරුව දක්වා වන කාලය තුළ ගුවන් යානා 5 කින් ඔවුන් දිවයිනට පැමිණි බවයි නිව්ස් 24 ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.
ඒ අනුව පසුගිය දින 4 තුළ චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 661 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සඳහන්.
මේ අතර චීනයේ පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Your Comments