තවත් බීඩී කොළ කිලෝ 1053ක් මතුවෙයි

30

මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී තවත් බීඩී කොළ කිලෝග්‍රෑම් 1053.75 ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

එම ප්‍රදේශයෙන් ම පෙරේදා ද (07) බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4ක ප්‍රමාණයක් සොයා ගෙන් තිබුනේ උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින්.

ඒ අනුව බීඩී කොළ කිලෝග්‍රෑම් 1377.15 ක ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා.

බීඩී කොළ පාර්සල් වශයෙන් අසුරා තිබී ඇති අතර, ඉන්දියාවේ සිට මෙරටට රැගෙවිත් ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

බීඩී කොළ තොග තෙලිප්පලේ, පොලිසිය වෙත භාර දී තිබෙනවා.

නාවික හමුදාව ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශය සහ වෙරළ තීරය නිරන්තර විමර්ශනයට ලක් කරන අතර, එමගින් සාගරය හරහා සිදුවන නීතිවිරෝධී ජාවාරම් මැඩලීමට හැකිව ඇත.

තවද, පසුගිය ජනවාරි මස 31 වන දින නාවික හමුදා තොරතුරකට අනුව, මන්නාරම, නූර් වීදියේ දී බීඩී කොළ කිලෝ 529 ක් පොලිසිය විසින් සෙයා ගැනුණා.

Your Comments