තවත් තිදෙනෙක් සුවය ලබයි – කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1749 දක්වා ඉහළට – 839කට සුවයි
අනුර ප්‍රේමකුමාර

43

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් රෝගීන් තිදෙනෙක් සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.


සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙක් මෙලෙස සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බවයි.
ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 839ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1749ක් වන අතර ඉන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 899ක්.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝගීන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පවත්වූවා.

කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් 56 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අද උදෑසන 10න් අවසන් වූ පැය 24ක කාලයේදී මෙරටින් කෙරෝනා වෛරස ආසාදිත රෝගීන් 66 දෙනෙක් වාර්තා වූ බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.


මේ වන විට මෙරට රෝහල් 11ක කොරෝනා වෛරස ආසාදනය වූ රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පසුගිය අප්‍රේල් මස 22 වනදා සිට මේ දක්වා හඳුනාගත් රෝගීන් ගණන 1441ක්. එසේම ක්ෂේත්‍රයෙන් අවසන් රෝගියා හඳුනා ගැනුණේ අප්‍රේල් මස 30 වනදා බවයි වසංගත රෝග විද්‍ය ඒකකය පවසන්නේ.

දිස්ත්‍රික්කයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

සමස්ත වාර්තා වීම් පහත පරිදි වේ.

Your Comments