තවත් ආසාදිතයින් 27ක් – සමස්ත ආසාදිතයින් 1710 දක්වා ඉහළට – 836ක් සුවය ලබයි

20

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයින්ගෙ සංඛ්‍යාව 1710 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ අද(03) පස්වරු 5.50 පමණ වන විට තහවුරු කෙරුණු නව ආසාදිතයින් 27 දෙනෙක් සමගින්.
ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිත රෝගීන් 863 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අද දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය 13 දෙනාද සමගින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 836ක් දක්වා ඉහළ ගියා.
මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තවත් 66 දෙනෙක් කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Your Comments