තලවකැලේ සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ල ආශ්‍රිත රක්ෂිතයේ ගින්න පාලනය කෙරේ

14

තලවකැලේ සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ල ආශ්‍රිත රක්ෂිතයේ ඊයේ දහවල් හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.
ගින්නෙන් අක්කර 100 ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
ප්‍රදේශවාසීන්, තලවකැලේ – ලිදුල නගර සභාවේ සේවකයින් සහ පොලීසිය එක්ව මෙම ගින්න මැඩපැවැත්වු බව සඳහන්.
මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයත් සමඟ කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැක පළ කෙරෙනවා.


Your Comments