තලවකැලේ ප්‍රදේශයේ නිවාස කිහිපයක ගින්නක් [Photos]
රංජිත් රාජපක්ෂ - හැටන්

17

තලවාකැලේ හොලිරූඩ් තේ වතුයායේ කම්කරු පේළි නිවාස 24 ක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
කම්කරු නිවසක ඇතිවු ගිනි ගැනීමක් පැති යාමෙන් එම පේලි නිවාසයේ නිවාස 24 ක් එලෙස සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
මෙම ගින්න ඊයේ රාත්‍රි 10.30 ට පමණ හට ගෙන තිබූ බව සදහන්.
මේ හේතුවෙන් එම නිවාස වල වාසය කල පවුල් 24 කට අයත් පුද්ගලයින් සිය දෙනෙකු පමණ අවතැන්ව තිබෙනවා.
ඔවුන් අතර පිරිමි පුද්ගලයින් 51 දෙනෙකු හා කාන්තාවන් 49 දෙනෙකු වනවා.
තවද පාසල් සිසුන් 22 දෙදෙනනෙකු ද අවතැන් වූවන් අතර සිටින බව සදහන්.
අවතැන්වුවන්ට හොලිරූඩ් දෙමළ විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් පහසුකම් සලසා දීමට වතු පාලන අධිකාරිය පියවරගෙන තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
විදුලි කාන්දුවක් ඊට හේතු විය හැකි බවටයි සැක පල කෙරෙන්නේ.

Your Comments