ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 27 වන තරගය පැවැත්වෙන්නේ එංගලන්තයට එරෙහිවයි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පහරදීමට තීරණය කළා.
ශ්‍රී ලංකාවට සහය පළ කිරීම සඳහා ශ්‍රී ලාංකික මෙන්ම විදෙස් රටවල් ශ්‍රී ලංකාවට ආදරය කරන පිරිස් පවා ලීඩ්ස් ක්‍රීඩාංගනයට පැමිණ සිටිනවා.
ඒ අතර 2004 සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත්වූ පිරිසකට නිවාස ඉදිකර දීමට වසර ගණනාවක් තිස්සේ ශ්‍රි ලංකාවට එන යෝක්ෂයර් යුවලක් ද සිටිනවා.
The reason these Yorkshire fans are supporting 🇱🇰 is ❤️ #CWC19 pic.twitter.com/zawfv6RKtZ
— ESPNcricinfo (@ESPNcricinfo) June 21, 2019
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගන්වමින් ලීඩ්ස් ප්‍රේක්ෂකාගාරයේ පපරේ සංගීතය වාදනය කරමින් සිටි පිරිසකට එය නවත්වන ලෙසට එංගලන්ත ආරක්ෂක අංශ දන්වා තිබෙනවා.
The Papare Band Melbourne have been following Sri Lanka across England and Wales to get the party started in the stands! 🎺🥁🎶 #ENGvSL #CWC19 pic.twitter.com/rpaEYkapBy
— ESPNcricinfo (@ESPNcricinfo) June 21, 2019
Your Comments