තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව 20යි 20ත් පරාජයට

14

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

සෙන්චූරියන් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව දකුණු අප්‍රිකාව කඩුලු‍ 3ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තා.

රීසා හෙන්ද්‍රිරික්ස් ලකුණු 65යි.

පන්දු යැවීමේ දී ලසිත් මාලිංග, ඉසුරු උදාන සහ අකිල ධනංජය කඩුල්ල බැගින් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට කඩුලු‍ 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 164ක් පමණයි.

මුල් පෙල සහ මැද පෙල පිතිකරුවන් සියලු‍ දෙනා අසාර්ථක වෙද්දී හුදෙකලා සටනක නිරත වූ ඉසුරු උදාන නොදැවී ලකුණු 84ක් රැස් කළේ පන්දු 48කට මුහුණ දෙමින්.

ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ක්‍රිස් මොරිස් කඩුලු‍ 3ක් බිඳ දැම්මා.

ඒ අනුව තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී, තරග 2ට 0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.

Your Comments