ඩුබායි සමාගමකින් අතුරුදන් වූ දුර්ලභ නිල් දියමන්තිය ශ්‍රී ලංකාවෙන් මතුවෙයි

44

ඩුබායි සමාගමකින් අතුරුදන් වූ දුර්ලභ ගණයේ නිල් දියමන්තියක් මෙරටින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
මූල්‍ය හුවමාරු මධ්‍යස්ථානයක සේවය කළ ශ්‍රී ලාංකික ආරක්ෂක නිළධාරියෙකු මෙම සොරකම සිදු කර ඇති බව සදහන්.
ඒ, පසුගිය මැයි 25 වනදායි.
එය සී.සී.ටී.වී කැමරා දර්ශනවල සටහන්ව ඇති අතර ඒ ඔස්සේ සිදු කළ පරීක්ෂණවලින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
එම ආරක්ෂක නිළධාරියා අදාළ නිල් දියමන්තිය සපත්තු පෙට්ටියක බහා මෙරටට රැගෙනවිත් ඇති බව ද සඳහන්.

Your Comments