ඩුබායිවලින් පිටුවහල් කළ මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් මුදාහරී

29

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව පොලිස් භාරයට ගනු ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු අද අලුයම මුදා හැර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් නැමති පුද්ගලයා මෙලෙස මුදා හැර ඇති බවයි.
එමෙන්ම ඔහුත් සමඟ පොලිස් භාරයට ගනු ලැබූ ලංකා සජිත් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අද අලුයම මුදා හැරුණු මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් නැමැත්තාගේ සහයකයින් පිරිසක් එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට පහර දී ඇති බවයි.
මේ නිසා මාධ්‍යවේදියාගේ කැමරා උපකරණ කිහිපයකට හානි සිදුව ඇති අතර ගුවන් තොටුපළ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

Your Comments